ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    චීනය හා ශ්‍රී ලංකා ව්‍යාපෘති ගැන සමහර පුවත්පත් වැරදි වාර්තා ලියයි

    ජූලි 31, 2016

    චීන ණය සම්බන්ධ ණය කොටස් හුවමාරුව ශ‍්‍රී ලංකා අගමැතිතුමා 2016 අපේ‍්‍රල් 7 සහ 8වැනි දිනයන්හි බීජිං නුවර දි මහජන චීන ජනරජයේ ජනාධිපති අතිගරු ෂී ජින්පින්ග් සහ අගමැති ලී කෙකියෑන්ග් සමඟ කළ සාකච්ඡාවන්ට අනුව ක‍්‍රියාවට නැඟෙනු ඇත.

    එම සාකච්ඡාවන්ට අනුව චීන ආණ්ඩුව පළමු පියවරක් වශයෙන් නියමිත ව්‍යාපෘතිය පිළිබඳ ව ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග පෞද්ගලික - රාජ්‍ය හවුල්කාරිත්වයකට එළැඹෙන්නට කැමැති චීන සමාගම් ප‍්‍රවර්ධනය කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය කාර්ය පටිපාටි ගැන චීන තානාපතිතුමා සමඟ සාකච්ඡා කර වාර්තා කරන මෙන් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් සංවර්ධන මූලෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යවරයාට සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ. සාකච්ඡා නිමව ඇති අතර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත ය.
     
    මෙම සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍යවරු දෙදෙනා චීන තානාපතිතුමා සහ මේ ගැන උනන්දුවක්  දක්වන චීන සමාගම් සමඟ මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය සංචාරක කලාපය, ඛණිජ තෙල් පිරිපහදුවක්, නැව් තටාකාංගනයක්, ස්වාභාවික වායු කම්හලක් සහ කර්මාන්ත පුර පිළිබඳ ව 2016 ජුලි 29 වැනි සිකුරාදා සාකච්ඡාවක් පැවැත්වූහ. මේවා ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙහි නියෝජිතායතන සහ චීන ආයෝජකයන් අතර රාජ්‍ය - පෞද්ගලිකත්ව හවුල්කාරිත්වය යටතට පත් වනු ඇත.  මීට අමතර ව සංවර්ධන මූලෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය වෙනත් ජාතීන්ට අයත් විදේශ ආයෝජකයන් සමග හම්බන්තොට සම්බන්ධයෙන් වෙනත් ආයෝජන යෝජනා ගැන සාකච්ඡා කරමින් සිටි. එයට දෙවැනි පෙට්‍රෝලියම් පිරිපහදුවක් ගැන සාකච්ඡාවක් ද අයත් ය.
     
    ශ‍්‍රී ලංකාවෙහි ආර්ථික සංවර්ධනයට අවහිර කරන  බලාපොරොත්තුවෙන් ඉංග‍්‍රීසි මුද්‍රිත මාධ්‍ය කොටසක් මෙම ගනුදෙනු පිළිබඳ කරුණු විකෘති කර ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ චීන තානාපතිවරයා අතර පැවැතියේ යැයි Sunday Times  පුවත්පත කියා සිටින සාකච්ඡාවක දී හම්බන්තොට සහ මත්තල චීනය ලංකාවෙහි ඉල්ලීම ඉවත දමයි (“H’tota and Mattala : China declines Lanka’s request”) යනුවෙන් පළ වූ පුවත සාවද්‍ය ය. මෙම පුවත්පත සහ Financial Times පුවත්පත වැරැදි තොරතුරු ප‍්‍රචාරයෙහි නායකත්වය ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya