ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “සෞඛ්‍යාරක්ෂිත ආහාර - නීරෝගීමත් දිවියක්” වැඩසටහන

    අගෝස්තු 12, 2016
    ශ්‍රී ලාංකීය ජනතාවට සෞඛ්‍යාරක්ෂිත  හා ගුණාත්මක නැවුම් එළවළු හා පළතුරු සැපයීමේ අරමුණෙන් “ශ්‍රී ලංකා යහපත් කෘෂි පිළිවෙත් (SL-GAP) යටතේ කෘෂි නිෂ්පාදන සහතිකකරණය” හඳුන්වාදීමේ වැඩසටහන එළිදැක්වීමේ සමාරම්භක උළෙල  පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හීදී පැවැත්විණ.
    “සෞඛ්‍යාරක්ෂිත  ආහාර - නීරෝගීමත් දිවියක්” යන මැයෙන්වු  මෙම වැඩ සටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී. 
     
    එහිදි අමාත්‍යවරයා, සෞඛ්‍යාරක්ෂිත ආහාර  හා නීරෝගීමත් දිවියක් සඳහා යහපත් කෘෂි පිළිවෙත්  අනුගමනය කිරීමට එක්වන ලෙස ගොවි ප්‍රජාව ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැමට ආරාධනා කළේය.
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය  ගාමිණී තිලකසිරි යන මහත්වරුන්ද , සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම්තුමිය, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනවල ප්‍රධානීන් එක්වූහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya