ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුවේට්හි නීති විරෝධී ලෙස රැඳී සිටි 71 දෙනෙක් යළි දිවයිනට

    අගෝස්තු 15, 2016
    කුවේට් රාජ්‍යයේ නීති විරෝධී අයුරින් රැඳී සිටි ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 71 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ යානයෙන් දිවයිනට පැමිණියහ. 
     
    මෙම පිරිස කුවේට් හි වසර 6, 5, 4 වශයෙන් රැඳී සිට ඇති අතර, නීති විරෝධී අයුරින් රැඳී සිටි අය වෙති. මෙම පිරිස පිරිමි පුද්ගලයන් 9ක් හා කාන්තාවන් 62ක ගෙන් සමන්විත වේ. මොවුන් සේවා ගිවිසුම කඩ කරමින් මෙසේ වසර ගණනාවක් කුවේට් හි රැඳී සිට ඇති අතර, ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් කුවේට් තානාපති කාර්යාලය විසින් සලසා දෙන ලදී. 
     
    තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා කුවේට් හි සිදු කළ සංචාරය අතරතුර නීති විරෝධීව රැඳී සිටින පිරිස් හා සුරක්‍ෂා නිවාසවල සිටින පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනිමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මේ වසරේදී සුරක්‍ෂා නිවාසවල රැඳී සිටින 1151 දෙනෙකු ලංකාවට ගෙන්වාගෙන ඇති අතර, ඉන් 844 දෙනෙකු කුවේට් හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂාගාරයේ රැඳී සිටි අය හා කුවේට් රාජ්‍ය මගින් පවත්වාගෙන යන සුරක්‍ෂා නිවාසයෙහි 229 දෙනෙක් මීට අයත් වේ.
     
    මේ වන විට කුවේට් තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන සුරක්‍ෂා නිවාසයේ තවත් 61 දෙනෙකු සිටින අතර, කුවේට් රජය විසින් පවත්වාගෙන යන සුරක්‍ෂාගාරවල 160 දෙනෙකු සිටිති. මෙම පිරිස් හැකි ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමිය විසින් උපදෙස් ලබා දී ඇත. 
     
    මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කුවේට් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ කවුන්සිලර් නිල්මිණි අබේගුණවර්ධන, පළමු ලේකම් සුදත් චාමින්ද හා තෙවන ලේකම් ටී.එල්.එස්. කුරේ යන මහත්ම මහත්මීන් කටයුතු කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya