ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාරිභෝගිකයා නොමග යැවූ බිස්කට් සමාගමට එරෙහිව නීතියෙන් දඩුවම්

    අගෝස්තු 16, 2016

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  විසින් පේදුරුතුඩුව නගරයේ සිදුකළ වැටලීමක දී පාරිභෝගිකයා නොමග යවන ආකාරයට බිස්කට් පැකට්ටුවේ බර සඳහන් කර තිබීම  සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

    එහි බර ග්‍රෑම් 100 ක් ලෙස සඳහන් කර තිබූ නමුත් එහි සැබෑ බර ග්‍රෑම් 85 ක් බව හෙළි වී තිබේ. එසේම ග්‍රෑම් 190ක් ලෙස සඳහන් කර තිබූ තවත් පැකට්ටුවක සැබෑ බර  ග්‍රෑම් 180ක්   බව හෙළි විය. මෙලෙස සඳහන්ව  තිබූ බිස්කට් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සමාගමට සහ දිස්ත්‍රික් නියෝජිතයාට එක් අයෙකුට රුපියල් ලක්ෂය  බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර ඇත.

    එසේම පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් බර සඳහන් කර දැනටමත් වෙළඳපළට නිකුත් කර ඇති බිස්කට පැකට් වහාම ඉවත්කර ගන්නා ලෙස ද නියෝග කර ඇති බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya