ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය කළමනාකරණපති පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය

    අගෝස්තු 17, 2016
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ  රාජ්‍ය කළමනාකරණපති පශ්තචාත් උපාධි ප්‍රදානෝත්සවය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්විණි..
    මෙහිදී අදහස්  දැක්වු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ,
    අපේ  රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිපාලනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් විහාල  සේවයක් සිදු කරනවා. අද අපි ඉන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් තුළග  ජනපතිතුමාත් අගමැතිතුමාත් කථා වෙලා පක්ෂ දෙකම එකත් කරල රජයක් පිහිටුවන්න තීරණය කළා. ඒ වගේම  අනාගතය සුරක්ෂිත කරන වැඩ පිලිවෙළකට යන්න තීරණය කලා.
     
    ඒවගේම දැන් සියළුම රාජ්‍ය ආයතනය වලට නිදහසේ වැඩ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
      
    අද අපට අවශ්‍ය ණය නොවෙයි .ආයෝජනයන්. අද අලුත් පරිචිජේදයක් ඇතිවී තිබෙනවා. මා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනව මේ පිම්ම් පනින්න සහයෝගය දෙන්න  යයි පැවසීය.
     
    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර  මහතා  මෙහිදී අදහස් දක්වමින් අද අපේ වත්මන් ආණ්ඩුව අලුත් දිසාවකට ගමන් ගනිද්දී රටේ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවාව  ශක්තිමත් කිරීම කළ යුතුයි.  අපිට පුළුවන් කම ලැබුනා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධිනත්වය ස්ථාපිත කර රජයේ සේවකයාට නීතියේ සාධාරණත්වය ලබා දීල හොදින් වැඩ කිරීමට අවස්ථාව සලසා දෙන්න.
     
    ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින රටවල අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දී තිබෙනවා. එයයි හොදම ආයෝජනය.  ඒ නිසා අපි මේ වසරේ පාසැල් අධයාපනය වෙනුවෙන් මිලියන 4500 ක් වෙන් කර තිබෙන බවද පැවසීය. 
     
    මෙහිදී පශ්චාත් උපාධි හා ඩිප්ලෝමාධාරීන් 160  දෙනෙකු සහතික ලැබුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya