ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොරල්පර පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

    අගෝස්තු 19, 2016
    සාගර පරිසර පද්ධතිය විනාශ වීමේ අවදානමෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කොරල් පර වල තැන්පත් වී ඇති පොලිතින් , ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයෙන් ආරම්භ විය.
    කිමිදුම්කරුවන් 350 දෙනෙකුට අධික පිරිසක් මෙම වැඩසහන හා සම්බන්ධ වුහ . උදැසන 6.00 පමණ ආරම්භ කල කොරල් පර පවිත්‍ර කිරීමේ වැඩසටහනේ මුල් පැය 5 තුල කිමිදුම් කරුවන් විසින් ට්‍රැක්ටර් රථ 20 පමණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සමත් වුහ .
     
    මෙහිදී අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  “ විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ මැදිහත්වීම මත මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ආරම්භ කිරීමට හැකිවීම පිළිබද මා බෙහෙවින් සතුටට පත් වෙනවා. ජනාධිපතිතුමත් පරිසරයට ආදරය කරන නායකයෙක්. අපි ආරම්භ කල මෙම සාගර පරිසර පද්ධතිය රැක ගැනීමේ වැඩසටහන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් එකක් . මෙය සියළු මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කලයුතු වැඩ සටහනක් . ඒ සදහා විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ එකගත්වය මේ වන විටත් පල කරලා තියෙනවා . ඒ අනුව මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා දෙවැනි පියවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්න කියලා . මෙම සාගර පරිසර පද්ධතිය රැකගැනීමට අපි උනන්දු වන තරමට විපත් අවම කර ගත හැකියි . ඒ වගේම තමයි විසිතුරු මසුන්ගේ බෝවිමටත් මේ කොරල් පර ආශ්‍රීත සාගර පරිසර පද්ධතිය අත්‍යවශ්‍යයි . ඒ නිසා මෙම පරිසරය රැකගැනීම අප සැමගේ යුතුකම් වගේම වගකීමක්ද වෙනවා . එය පරිසරයට ආදරය කරනන් ලෙස අපෙන් ඉටුවිය යුතු කාර්යයක් 
     
    පළමු දින වැඩසටහන තුලින් පමණක් ඉවත්කළ අපද්‍රව්‍ය තොගය අනුව මෙම කොරල්පර ආශ්‍රීත පරිසරයෙහි මොනතරම් පොලිතින් , ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය තැන්පත් වී ඇත්ද . ඒ සියල්ල සාගරයට එක් වුනේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් . මේ නිසා සාගරය රැකගැනීමේ වැදගත් කම  පිළිබදව ජනතාව දැනුවත් කල යුතුමයි . 
     
    එසේ නොකර අපි මොනදේවල් කළත් වැඩක් වෙන එකක් නැහැ . ඒ හින්ද අද කොරල් පර පද්ධතියේ තැන්පත් වී ඇති අපද්‍රව්‍ය ඉවත්කරන ගමන් එහි ජනතාව දැනුවත් කිරීමට ගෙන ඇති පියවර පිළිබදව බෙහෙවින් අගය කල යුතුයි .  ”
     
    අනතුරුව කිමිදුන්කරුවන් , ධීවර කර්මාන්තයේ නිරතවූවන් , සංචාරක කර්මාන්තයට සම්බන්ධ කණ්ඩායම් ඇතුළු පිරිස් ඒකරාශි කර සාගර පරිසර පද්ධතිය රැකගැනීම හා මුහුදට පොලිතින් , ප්ලස්ටික් , බෝතල් වැනි අපද්‍රව්‍ය මුසු නොවීම සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .
     
    මෙම අවස්ථාවට විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතාද , නාවීක හමුදා නිලධාරීන් , මුහුදේ විවිධ වුර්තින් වල නිරත පිරිස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya