ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සියලු සෞඛ්‍ය අංශවල මව්කිරී ලබාදීමට ඒකකයක්

    අගෝස්තු 26, 2016

    වර්තමානය වන විට සියලු සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළ ප‍්‍රතිඵලයක් වශයෙන් 2016 වන විට මව්කිරි දීමේ ප‍්‍රතිශතය සියයට 92 ක් දක්වා ඉහළ නැංවීමට හැකි වී තිබෙන බවත්  ඉදිරි අවුරුදු කිහිපයේ දි මෙම ප‍්‍රතිශතය සියයට 92 සියයට 96 ක් දක්වා හෝ එය අභිබවා යන ප‍්‍රතිශයක් දක්වා ඉහළ නැංවිම ඉලක්කය වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මව්කිරී ලබාදීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සම්මන්ත‍්‍රණයක් ඊයේ (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    2005 වර්ෂය වනවිට අපේ රටේ මව්වරුන්ගේ මව්කිරි දීමේ ප‍්‍රතිශතය සියයට 60 ක් පමණ වූ බවත් එම කාලය තුළ දරුවන්ට පිටිකිරි ලබාදීමේ ප්‍රවණවතාවක් දක්නට ලැබුණු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මව්කිරීදීමට තිබෙන බාධක 03 ක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    රාජ්‍ය සේවයේ මවිවරුන්ට දරුවෙකු ලැබුනු විට මාස 06ක ප‍්‍රසූත නිවාඩු ලබාදෙන අතර ඉදිරියටත් වැටුප් රහිත නිවාඩු දෙන නමුත් පුද්ගලික අංශයටත් වතුකරයටත් මෙසේ නිවාඩු නොලැබෙන බවත්  ඉදිරියේ දී පුද්ගලික අංශයේ සහ වතු අංශයේ මාතාවන්ට එම සහනය ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    දෙවන කරුණ තමයි සේවය කරන ස්ථානයේ මව්කිරි ලබාදීමට පහසුකම් නොමැති අතර දරුවාට මව්කිරීදීමට මවට ඇති අයිතියට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත් ඒ වැඩපිළිවෙළ ප‍්‍රථමයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ රෝහල් තුළින් ආරම්භ කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව රෝහල්වල සහ අපේ සියලු සෞඛ්‍ය අංශ කාර්යාලවල මව්කිරිදීම සඳහා වෙනම ස්ථානයක් ලබාදීමට වහාම චක‍්‍රලේඛයක් යැවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. ලබන වසර වන විට මව්කිරි ලබාදීමේ ප්‍රතිශතය මීට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    දරුවෙකුට මුල් මාස 06 තුල මව්කිරි ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ප‍්‍රවර්ධනය කළ යුතු වේ. 2012 වසරේ රටවල් 51 ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මව්කිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට ශ‍්‍රී ලංකාවයි. 2016 රටවල් 121 ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයෙත් ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත. එමෙන්ම දරුවෙකු ඉපදී පළමු පැය තුළ මව්කිරි දීමේ ප‍්‍රතිශතය මේ වනවිට සියයට 92 ක් වන අතර, එය සියයට 95 දක්වා වැඩි කළ යුතුව ඇත. තවද බෝනොවන රෝග ඇතිවීම අවම කිරිමටත් මව්කිරි ඉතා වැදගත් වේ.

    මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya