ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලියාපදිංචි නොකළ යතුරු පැදි ලියාපදිංචි කිරීමට කාලයක්

    අගෝස්තු 31, 2016

    ලියාපදිංචි කිරීමකින් තොරව භාවිත කරනු ලබන යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක් කාල සීමාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.


    ඒ අනුව, නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහන කාලය ලබාදී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන බව ද සඳහන් කළේය.

    එසේ ම රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව හඳුනාගෙන තිබේ.

     පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි  ‍බොහොමයක් භාවිත කරනු ලබයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ද ඊයේ (31) ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya