ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනි

    සැප්තැම්බර් 01, 2016

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (01) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඒ මහතා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පළාත් පාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ද වන ඒ මහතා මීගහකිවුල සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද, ඌව පළාත් සමූපකාර, සංචාරක සහ හින්දු සංස්කෘතික අමාත්‍යාංශය, ඌව පළාත් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, නිපුණතා සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහකාර ලේකම්, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත.

     

    එමෙන් ම  ආගමන විගමන පාලක (පාලන හා ප්‍රතිපත්ති) ලෙස ද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙන්ම, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද, ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද  රාජකාරී කටයුතුවල නියැලී ඇති පරිපාලන ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති නිලධාරියෙකි.

     

    මීට සමගාමීව, සේවයෙන් විශ්‍රාම ලැබූ හිටපු අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන මහතා ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් වූ සුහද හමුවක් ද අද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධානය කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya