ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජන්දය ඔබේ අයිතියයි

    සැප්තැම්බර් 06, 2016
    2016 ජන්ද හිමියන් ගණන් ගැනීමේ මුලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ජන්ද හිමි නාම ලේඛණ කෙටුම්පත සැප්.01 - සැප්.28 දක්වා ප්‍රදර්ශනය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල,පළාත් ප්‍රධාන කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන හා ග්‍රාම නිලධාරී කාර්යාල වල මෙම ලේඛණ ප්‍රදර්ශනය කෙරේ. 
     
    ජන්දය ඔබේ අයිතියයි. ජන්ද හිමියෙකු ලෙස තම නම ලියාපදිංචි වී ඇද්දැයි www.elections.gov.lk  වෙබ් අඩවියට පිවිසී හැඳුනුම්පත් අංකය හා දිස්ත්‍රික්කය ඇතුල් කිරීමෙන්ද පරීක්ෂා කර ගත හැකි අතර නම ලියාපදිංචි වී නොමැති නම් හිමිකම් ඉල්ලුම් කළ හැකි බවත් දේශප්‍රිය මහතා තවදුරටත් පැවසීය.
     
    මෙම ඉල්ලුම්පත් ප්‍රදර්ශන ස්ථාන වලින් ලබා ගත හැකි අතර අයදුම්පත් නිසි ලෙස සම්පුර්ණ කර සැප්.28 දිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට යොමු කරන ලෙසද සභාපතිවරයා දන්වා සිටී. 
         
    සුදුසුකම් නැති අයකු යම් ගෘහයකට අදාළව ලියාපදිංචිය සදහා ගණන් ගෙන ඇත්නම් විරෝධතා ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya