ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් ඇති විය යුතුයි

    ඔක්තෝබර් 12, 2016

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජන සමාජය තුළ සංවාදයක් ඇති විය යුතු බවත් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් වීමෙන් පසු සමාජය තුළ සංවාද ඇති වන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය වැඩබලන අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    2017 අයවැය සඳහා ජනාධිපතිවරයාගේ වියදම වැඩි කර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටි අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා යටතේ තිබෙන ව්‍යාපෘති සඳහා වියදම් කිරීම් සිදු වුවද ජනාධිපතිවරයාගේ නඩත්තු වියදම්වල කිසිදු වැඩිවීමක් සිදු නොවනු ඇති බවයි. පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මතින් නිදහස් රටක් ව්‍යාපෘතිය, වකුගඩු රෝගය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති යනාදී ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    2017 අයවැයට අදාළ පළමු වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් 10 වන දින සිදු කිරීමට නියමිත අතර එහි දෙවන වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දින 26ක් පුරා සිදු කිරීමට නියමිත බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya