මෙවර සමුළුව “තිරසාර සංවර්ධනය සඳහා අවකාශීය දත්ත යටිතල ව්‍යුහය” යන තේමාව යටතේ පැවැත්වේ.
දුරස්ථ ග්‍රහණ ආසියානු සමුළුව යනු ආසියාවේ සියලු ම රාජ්‍යයන්හි දුරස්ථ ග්‍රහණය පිළිබඳ විද්වතුන් එක් රැස්වී තමන් විසින් එම ප්‍රගුණ කරගත් තම දැනුම අනිකුත් සමාජිකයින් අතර බෙදා හදා ගැනීම සඳහා පවත්වන සමුළුවකි. එනම් චන්ද්‍රිකා ඡායාරූප, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා භාවිතයෙන් පිහිටීම නිශ්චය කරගැනීම (GPS) භාවිතයෙන් අවකාශීය දත්ත පිළියෙල කිරීම හා එම දත්ත භාවිතයෙන් විවිධ සිතියම් සකස් කිරීම හා එම තොරතුරු ආශ්‍රිතව පරිසර කළමනාකරණය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරේ.
තවද ජෛව විවිධත්ව හා සංරක්ෂණය, දේශගුණික විපර්යාස අවම කිරීම් ආදිය සඳහා පර්යේෂණ කිරීම තුළින් විශේෂයෙන්ම ආසියානු රටවල ස්ථිරසාර සංවර්ධනය ස්ථාපනය කිරීමේ දී පැන නගින විවිධ පාරිසරික ගැටලු සහ ආපදා අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි භූ අවකාශීය තාක්ෂණය ආදී විෂයන් පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් වනු ඇත.
මෙවර සමුළුවේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සමුළුව සංවිධානය කෙරේ.
ආසියාවේ 37 වෙනි වරට හා ශ්‍රී ලංකාවේ සිව්වැනි වතාවට පැවැත්වෙන මෙම සමුළුවේ අරමුණ වන්නේ තොරතුරු හුවමාරුව තුළින් දුරස්ථ ග්‍රහණ ප්‍රවර්ධනය සහ ආසියානු ෆැසිපික් කලාපයේ සාමාජික රටවල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය හා අන්තර්ජාතික අවබෝධය ප්‍රවර්ධනය කිරීමය.
දුරස්ථ ග්‍රහණ විෂයය සම්බන්ධ දෙස් විදෙස් විද්වතුන් 600 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත.