ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තීන්දු තීරණ ගැනීමේ ආදර්ශය කන්නන්ගර මැතිතුමාගේ චරිතයෙන් පැහැදිලි වනවා - අධ්‍යාපන ඇමැති

    ඔක්තෝබර් 14, 2016
    ජනතා අවශ්‍යතාවන් ඉටු කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමේ දී දේශපාලන බලය හෝ ජනප්‍රියත්වය ගැන නොසිතා රට වෙනුවෙන් නොබියව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ ආදර්ශය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර  මැතිතුමාගේ චරිතයෙන් මනාව පැහැදිලි වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 
     
    ඊයේ (13) දිනට යෙදී ඇති ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින  සැමරුම වෙනුවෙන් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ  පැවති ජාතික උත්සවයට එක්වෙමින් මේ බව පැවසීය.
     
    යටත් විජිත සමයේ ප්‍රභූ පැළැන්තියේ දරුවන්ට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අවස්ථා පහළ පංතියේ දරුවන්ට ද හිමි කර දෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රියාදාමය මඟින් මෙරට සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ඇති විය.  පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපන අවස්ථාවන් ලබාදීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යාධාර ක්‍රමයක් ආරම්භ කිරීමටත්, ග්‍රාමීය මට්ටමින් අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් කන්නන්ගර චින්තනය මගින් සිදු කෙරුණා.
     
    මෙම ජාතික උත්සවයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කන්නන්ගර මැතිඳුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්  තිස්ස හේවාවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ජාතික අධ්‍යාපන ආයතනයේ මේ පිළිබඳ සමරු වැඩසටහනක් ද පැවැත්විණි. මේ අතර, නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම තුළින් කන්නන්ගර මැතිඳුන්ගෙන් සිදු වූ සේවය සමරමින් විවිධ වැඩසටහන් දිවයිනේ පාසල් රැසක සංවිධානය කර තිබුණා.
     
    නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සෞන්දර්ය ගොඩනැගිල්ල සහ ආපන ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.
     
    අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පළාත් අධ්‍යාපන  නිලධාරීන් පිරිසක් මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya