සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, ඖෂධ වර්ග මෙන්ම වෛද්‍ය උපකරණ ද හිඟයකින් තොරව ලබාදිය යුතු බවයි. ඒ සදහා මෘදුකාංගය භාවිතා කළ යුතු බවත් ඒ පිළිබඳව සියළුම රෝහල් අධ්‍යක්ෂවරු දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේ ය.
සෞඛ්‍ය සේවාවේ ක‍්‍රීයාත්මක විශේෂ ඒකකවලට අදාල ඖෂධ සහ උපකරණ කඩිනමින් සහ හිඟයකින් තොරව ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දෙන ලදි.
ඖෂධ ගෙන්වීෙමි දී විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරිම ද උචිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාතයවරයාගේ සංකල්පයක් මත ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදීම සඳහා මෘදුකාංගයක් හදුන්වා දුන් අතර එමගින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ මේ වනවිට කඩිනමින් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.