ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලක්විජය අක‍්‍රීය වීමෙන් විදුලි ජනනය සිමාවීම තුළ විදුලි සැපයුම් සේවාව සීමා වෙයි

    ඔක්තෝබර් 17, 2016

    පසුගිය 15 වැනි දින උදෑසන 10.46ට සිදු වූ සම්පේ‍්‍රෂණ මාර්ගවල තාක්ෂණික බිඳවැටීම නිසා නොරොච්චෝලේ  ලක්විජය ගල් අගුරු බලාගාරය අක‍්‍රීයවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමා වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම තත්ත්වය තුළ පද්ධතියේ ජනන හැකියාව මෙගාවොට් 900 කින් අඩුවී ඇත. කෙසේ නමුත් අනෙකුත් තාප බලාගාර සහ ජලවිදුලි බලාගාර උපරිම ලෙසින් භාවිතකර මේ වනවිට විදුලි ජනනය සිදුකරන අතර දැනට පවතින අධික විදුලි ඉල්ලුම හේතුවෙන් යම් කාලසීමාවකට විදුලි සැපයුම සීමාකිරීමට සිදුවි ඇත.

     

    මේ යටතේ අද (17) දින සිට ලබන 21 වැනි දින දක්වා උදෑසන පැය 2 1/2 ක කාලයක් සහ රාත‍්‍රී කාලයේ පැයක කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට සිදුව ඇත.

     

    මෙම විදුලි සැපයුම සීමා කිරීමේ ක‍්‍රමවේදය කොළඹ නගර සීමාවට, රෝහල් වලට සහ කර්මාන්ත කලාප වලට අදාළ නොවේ. කෙසේ නමුත් මේ අවස්ථාවේදී විදුලි ජනනය සඳහා එල්ලවී ඇති අභියෝගය හමුවේ විදුලි සැපයුම සිමා කිරීමේ කාලසීමාව විදුලි ඉල්ලුම අවම කරගත හැකිනම්, තවදුරටත් අඩුකරගත හැකිවනු ඇත.

     

    එබැවින් මේ අවස්ථාවේදි විදුලි පාරිභෝගිකයන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ, විදුලිය වඩාත් අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවත කරන ලෙසයි. එසේ අරපිරිමැසුම්දායක ලෙස විදුලිය භාවිතකර විදුලි ඉල්ලුමේ ප‍්‍රමාණය අඩුකර ගන්නේනම් විදුලි සැපයුම සීමා කිරීමේ කාලය තවදුරටත් අඩුකරගත හැක.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනතවට සිදුවන අපහසුතාවන් පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ලෙස අපගේ කණගාටුව පළකරන්නෙමු.


    දිවා කාලය

    A ඛාණ්ඩය                            B ඛාණ්ඩය                       C ඛාණ්ඩය                           D ඛාණ්ඩය
    8.00– 10.30 පැය                  10.00– 13.00 පැය        13.00– 15.30 පැය                 15.30– 18.00 පැය   

    රාත‍්‍රී කාලය

    A ඛාණ්ඩය                            B ඛාණ්ඩය                       C ඛාණ්ඩය                           D ඛාණ්ඩය
    18.00– 19.00 පැය                19.00– 20.00 පැය           20.00– 21.00 පැය               21.00– 22.00 පැය

     

    power cut

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya