ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහිත වැසි

    ඔක්තෝබර් 17, 2016

    අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අද (17) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන  අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් පවතින බව නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, මේ නිසා   අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක්  අපේක්ෂාකළ හැකි බව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී වැසි ඇති ‍වේ.සමහර ස්ථානවල, විශේෂයෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වල (මිලී මීටර් 100 පමණ)  තද වැසි ඇතිවීමට ඉඩ තිබෙන බව ද කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya