ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බෙදී කටයුතු කිරීම හේතුවෙන් රටේ සියලු කටයුතු අසාර්ථක වුනා - මුදල් ඇමැති

    ඔක්තෝබර් 18, 2016

    ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට වාර්ගික හා ආගමික වශයෙන් බෙදී කටයුතු කිරීම හේතුවෙන් රටේ සියලු සංවර්ධන උපාය මාර්ගික මෙන් ම සාමූහික ප්‍රයත්නයන් අසාර්ථක වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මියගිය අමිහිරි අතීතය අමතකකොට එකමුතුව වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවට ලොව අන් රටවල් සමඟ දියුණුව කරා  ගමන් කළ හැකි බවයි.

    යාපනය යුනියන් විද්‍යාලයට වසර 200ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. අන්තවාදයට මෙන් ම අන්තවාදීන්ට ද නවීන ලෝකය තුළ කිසිදු ස්ථානයක් හිමි නොවන බවත් යහපාලන ආණ්ඩුව තුළ ද එවැනි අන්තවාදයකට ඉඩක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    “නිදහස් ශ්‍රී ලංකාවේ පියා ලෙස සලකන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා අනෙකුත් සහෝදර ජාතීන් නියෝජනය කරන, අරුණාචලම් රාමනාදන්, ටී.බී. ජයා, ඊ.ඩබ්ලියු. පෙරේරා, ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා වැනි අය සමග එක් ව මෙරටට නිදහස ලබා ගැනීමට කටයුතු කළා. එවකට අගමැතිව සිටි ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කළේ සාමූහිකත්වය තුළින් විවිධත්වය ඇති කරන බවයි.  එය රටක ශක්තිය බවයි. එම රට ඉදිරියට රැගෙන යාමට සාමූහිකත්වය හා විවිධත්වය උපකාරී වන බවයි. එහෙත් එම සංකල්පය අප අනුගමන කළේ දැයි ” මුදල් අමාත්‍යවරයා ප්‍රශ්න කළේ ය.


    සංවර්ධන ඉලක්ක කරා යන ගමනෙ දි අධ්‍යපනයට ලැබෙන ස්ථානය අති මහත්. අද දියුණුවට පත්ව ඇති  සිංගප්පූරුව, මැලේසියාව වැනි බොහෝ රටවල් එලෙස ජයග්‍රහණය කරා පැමිණ ඇත්තේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දීමෙන්. ඒ නිසා අපේ රජයත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 5%ක් පමණ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කටයුතු කරල තියෙනවා.” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

    යුනියන් විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 50ක මුදලක් දැනටමත් ලබා දී ඇති බව ද අමාත්‍යරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
    ඩී.එම්. ස්වාමිනාදන්, අබ්දුල් හලීම් යන අමාත්‍යවරු, රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya