ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම් - අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක්

    ඔක්තෝබර් 18, 2016

    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන  අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් තිබෙන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ කාලගුණ අනවැකියේ සඳහන් කරන්නේ,මේ හේතුවෙන්,   අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක්  අපේක්ෂාකළ හැකි බවය.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වන බවත් බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේ දී වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව ද නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya