ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ වර්ග 48ක මිල සූත්‍රය නීතිගත කිරීමට කටයුතු කර තිබෙනවා - ගැසට් නිවේදනය සිකුරාදා දින නිකුත් කරනවා

    ඔක්තෝබර් 18, 2016

    ඖෂධ මිල පාලනය කෙරෙන මිල සූත්‍රය නීතිගත කිරීමට කටයුතු කර තිබෙන බවත් එහි ගැසට් නිවේදනය සිකුරාදා දින නිකුත් කෙරෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඖෂධ මිල පාලනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට සහභාගී වෙමිනි.

    ඒ අනුව වෙළඳපොළේ රෝගීන් බහුලවම භාවිතා කරන ඖෂධ වර්ග 48ක මිල පාලනය කිරීමට මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සිකුරාද  මධ්‍යම රාත්‍රියේ සිට සිදු ව්සන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා,අධික මිල ග්ණනවල ඖෂ්ධ සඳහ ද ඉදිරියේ දී මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමටකටයුතු කරන බව පැවසි ය.

    ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ කීපයක මිල පාලනය කරනව.ජනතාව වැඩියෙන් ගන්නේ මෙම ඖෂධයි.දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රරෝල් වැනි රෝග සඳහ ගන්නා ඖෂධ ප්‍රධානයි.

    මිල සූත්‍රයක් සකස් කරන එක සරළ දෙයක් නෑ.ඖෂධ පිළිබඳව ලාභාංශය ගෙන බැලුවාම ඉහළ ලාභංශයක් තිබෙනවා.මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ඖෂධ වෙළඳ සමාගම් සමඟ සාකච්ඡා කළා.අපි මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රය නිකුත් කරනව.මේ මිල පාලනයෙන් අතිවිශාල මුදලක් ඉතිරි කර ගත හැකියි.

     ඒ වාගේම ඖෂධ වර්ග 27ක් සඳහා ලංකාවේ ඖෂධ නිෂ්පාදනාගරයක් ඉදි කෙරෙනවා. එවිට ඖෂධ සම්බන්ධයෙන් තත්ත්වය තීරණය කළ හැකියි.දැනට සමාගම් කැමති වී තිබෙනවා මේ රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 75%ක් මෙලෙස නිෂ්පදනය කරන්න. ඒ වාගේම ඖෂධ මිල නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද කියා සොයා බැලීමට පාරිබෝගික අධිකරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය, ඖෂධ අධිකාරිය එක්ව අවශ්‍ය පියවර ගන්නවා.

    ඇතැම් අය ඖෂධ හිඟයක් හදන්න උත්සහ ගනියි. එය කිරීම ලෙහෙසි නෑ. දැන් විකල්ප ඖෂධ ඕන තරම් තිබෙනවා.නොයෙක් අවලද නගයි. අපේ කටයුත්ත ඉදිරියටම කරගෙන යනවා යැයි අමත්‍යවරයා පැවඩී ය.

    මෙහිදී අඳහස් දැක්වූ ජාතික ඖෂධ නියම්න අධිකාරියේ සභාපති නහාචාර්ය අසිත ද සිල්වා මහතා කියා සිටියේ, මිල අධ්‍යයනය කර මධ්‍යස්ථව සූත්‍රය සකස් කළ බවයි. එමෙන් මජනතව වැඩියෙන් ලබාගන්නා ඖෂධ වර්ග කෙරෙහි අවධානය යොමු කළ බවද පැවසිය.ඒ නිසා රෝගීන්ට වැඩි වාසියක් අත්වන බවත් බෙහෙත් වට්ටෝරු ලබාගැනීමේ දී එම සහනය ලබෙන බවත් සඳහන් කළ අසිත  ද සිල්වා මහතා කිසි ලෙසකත් අවම මිල වැඩි වීමක් සිදු නොවන බව පැවසී ය.

    මේ අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාද එක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya