මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව පනත සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමිපාණන් දැනුවත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
රටේ මහජනතාවට වැඩි වාසි ගෙන දෙන පනතක් බව අමාත්‍යවරයා මෙහිදී මහා නායක හිමිවරුන් දැනුවත් කළ අතර මෙම පනතත මගින් රටෙහි පොදු මහජනතාවට ඇති වාසි සහ ජනතාවට ලබාගත හැකි සේවාවන් පිළිබඳව පැහැදිලි කර සිටියේය.
මෙවැනි පනතක් ගෙන ඒම පිළිබඳව මානාහිමිවරු දෙපල සිය අමාත්‍යවරයා වෙත ප්‍රසාදය පළ කළ සිටියහ.
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ද එක්ව සිටියේය.