ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සවස් කාලයේ ගිගුරුම් වැසි තත්ත්වයක්

    නොවැම්බර් 13, 2016

    දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල, තද වැසි (100 mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.

    උතුර, නැ‍ගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya