ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවා කොමිසන් සභාවෙහි ප්‍රමාදය අවසන් කළ යුතුයි- සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 14, 2016
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද “යහපත් සීමාවාසික වෛද්‍යවරුන්” සදහා වූ වැඩසටහන පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවෙ දී පැවැත්විනි.
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කරනවා. එයයි වෘත්තීය සමිතියක ස්වභාවය. අයිතිවාසිකමි දිනා ගැනිම සදහා සෑම වෘත්තියකටම වෘත්තීය සමිති අවශ්‍යයි. වෘත්තීය සමිතියක් තිබීම තුලින් වෘත්තීය ගැටලු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සමග සාකචිඡා කරන්න පුලුවන්. එමගින් පාලකයින්ට වෘත්තීය ගැටලු පිළිබද අවබෝධයක් ලබාගත හැකියි.”
     
    “ වෘත්තිකයින් ලෙස විශ්වාසය දිනාගත යුතුයි. රටට සේවය කළ යුතුයි. චේ ගුවේරා කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක්. තවද ගරිල්ලා නායකයෙක්. ඔහු ජාත්‍යන්තරය දිනු පුද්ගලයෙක්. ඔහු වෛද්‍යවරයෙක්. තව ද ඇස්මා රෝගියෙක්. වෛද්‍යවරයෙකු ලෙස ඔහු ඇස්මා රෝගයට ඖෂධ සෙවීම සදහා පර්යේෂණ සිදු කළා. අවසානයේ ශල්‍ය වෛද්‍යවරයෙකු ද වුනා. සමාජවාදය, මාක්ස්වාදය, දේශපානය ඔහු හදාරා තිබෙනවා. මෙම නිසා මාක්ස්වාදය තුලින් මෙම ප්‍රශ්ණ ජයගත්තා. කියුබානු විප්ලවය පිළිබදව ද ඔහු අධ්‍යයනය කර තිබෙනවා. එහිදී පිදෙල් කස්ත්‍රෝ වගේම රාවුල් කස්ත්‍රෝ සමගත් එකතු වුනා. අද චේ ගුවේරා ගැන අපි දන්නේ වෛද්‍යවරයෙකු ලෙස නොවෙයි. සටන්කාමියෙකු ලෙසයි.”
     
    “අපේ ජනාධිපතිතුමාටත් එතුමා වගේ වෙනසක් කරන්න  අවශ්‍යයයි. බෝනොවන රෝග තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතලම ගැටලුව. දුමිවැටි, මත්ද්‍රව්‍ය නතර කරන්න තනිවම බැහැ. රජයේ සහයෝගය අවශ්‍යයයි. නමුත් ජනාධිපතිවරයා තනිවම එය සිදු කළා. එතුමා අයිතිහාසියක තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. වෙනසකට මුල පිරිමේදි වැරදි සිදු වුවත්, එය හදාගන්න පුලුවන්. බුදුරජානන් වහන්සේට සත්‍ය අවබෝධ කර ගැනීමට තවත් ශාස්තෘන් වහන්සේලා 05 නමක් ලගට යාමට සිදුවුනා. අවසානයේ තේරුම් ගත්තා තනිවම නිර්වාණය අවබෝධ කර ගත යුතු බව. අපේ ජනාධිපතිවරයාත් සෞඛ්‍ය පිළිබද හොද වැටහිමකින් ඉන්නේ.”
     
    “රාජ්‍ය සේවා කොමිසන් සභාව ස්වාධීනව කටයුතු කරනවා. එම කොමිසන් සභාව කාර්යශුර විය යුතුයි. රාජ්‍ය සේවකයින්ට වගකිව යුතුයි. මීට වඩා රාජ්‍ය සේවකයින් ගැන උනන්දු විය යුතුයි. ලක්ෂ 14 ක රාජ්‍ය සේවකයින් සිටිනවා. දෛනික කටයුතු ගැන සැළකිලිමත් විය යුතුයි. අපි හැමදාම කථා කලේ ප්‍රමාදය ගැනයි. සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීමිවලට අනුමැතිය ලැබුනේ 2016 මාර්තු 31 යි. නමුත් ඔවුන් උපාධි ලබාගත්තේ 2015 නොවැමිබර් මාසයේ දී.
     
     
    රාජ්‍ය සේවය දුර්වල වුවහොත් ගැටලු ඇති වෙනවා. එම නිසා මෙම කොමිසන් සභාවට විශාල වගකීමක් තිබෙනවා.”
     
    “වෛද්‍යවරු රජවරු වගේම තමයි. අපේ ජනාධිපතිතුමත් රජෙක්. ඔබලාටත් අතිගරු ලෙස කටයුතු කරන්න පුලුවන්. ඔබලා අතිගරු වෛද්‍යවරු වෙන්න. රෝගීන් බලා ගැනීම පිනක්.”
     
    මෙහිදී Health.lk වෙබි අඩවියක ද විවෘත කළ අතර දුම්කොළ හා මධ්‍යසාර තුරන් කිරී‍මේ වැඩපිළිවෙල ද අතිගරු ජනාධිපතිතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වන ලදි.
    තවද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අතිගරු ජනාධිපතිතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලකයක් ද පිරිනමන ලදි.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya