ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සවසට ගිගුරුම් වැසි

    නොවැම්බර් 15, 2016

    දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    හෙට සිට දිවයි‍නේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලත් වැසි තත්ත්ව‍‍යේ  වැඩිවීමක් අ‍පේක්ෂා  කෙරේ.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල, තද වැසි (100mm පමණ) බලාපොරොත්තු විය හැක.

    උතුර සහ නැ‍ගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya