ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමට ජර්මන් සහාය

    නොවැම්බර් 15, 2016
    මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමට ජර්මන් රජය සහය ලබාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත්තේ ජර්මන් තානාපති ජෝන් රෝඩ් මහතා සමඟ පසුගිය දා අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
     
    දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර පිළිබඳ ව මෙහිදී අමාත්‍යවරයා ජර්මන් තානාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්විය. ඒ පිළිබඳ ව අගය කළ ජර්මන් තානාපතිවරයා එම කාර්යය සඳහා ජර්මන් රජය තාක්ෂණික සහය ලබාදීමට එකඟ වූ බවයි. මේ පිළිබඳ ව ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා තිරීමට ද බලාපොරොත්තු වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya