ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජලගාස්තු පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් - අමාත්‍ය චන්දිම වීරක්කොඩි

    නොවැම්බර් 15, 2016

    ජලගාස්තුව වැඩි කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බවත් ඒ පිළිබඳව සොයාබැලීමට අමාත්‍යවරු තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    ජලගාස්තුව වැඩි කිරීම සම්බන්ධව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී සාකච්ඡා වුණා. ජල ගාස්තු වැඩි වීමක් සිදු වන්නේ නෑ. සියයට 30%ක ජල ගාස්තුව වඩි කිරීම නුසුදුසුයි කියලා තීරණය කළා. ඒ අනුව එය ක්‍රියාත්මක වෙන්නේ නෑ.සමාජයට වඩාත් ඵලදයි ජල ගස්තුවක් ලබාදීම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට තීරණය කළා. ඒ අනුව අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම , රාවුෆ් හකීම්, රවී කරුණානායක යන මහත්වරු පත් කර තිබෙනවා.

    අයවැයේ ලොකු වෙනසක් තිබෙනවා. දිගු දැක්මක් සමඟ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ජනතාවාදී ලෙස නම්‍යශීලී අයවැයක්  ලෙස හැදින්විය හැකියි. ඉතාම පැහැදිළිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඳහස් හා යෝජනා අයවැය සකස් කිරීමේ දී සැළකිල්ලට ගත්තා.ජනතාවට බරක් නොවන අයවැයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya