ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව ධීවර ගම්මාන වැඩ සටහනේ පළමු ධීවර නිවාස ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 16, 2016
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයකට අනුව කොරියාවේ ආධාර මත මෙරට ඉදිකිරීමට නියමිත ධීවර නිවාස සඳහා මුල්ගල් තැබීම අම්බලන්තොට බටඅතදී මේ මස 22 දින සිදු කෙරේ .
    මෙම අවස්ථාවට සහභාගී වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ආරාධනයෙන්කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEON මහතා ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .
     
    බටඅත ධීවර ගම්මානයේ පළමු අදියර යටතේ නිවාස 25 ඉදිකිරීමට නියමිතය .මේ සදහා සියළු ආධාර කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් සපයනු ලැබේ . ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙම ධීවර නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට හිමි විය . අදියර කිහිපයක් යටතේ මෙම ධීවර නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .
     
    ධීවර ජනතාව ආර්ථිකමය හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙම ධීවර නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 
     
    AP
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya