ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    නොවැම්බර් 17, 2016

    දිවයිනට ගිනිකොණ දෙසින්  බෙංගාල බොක්ක ප්‍රදේශයේ කැළඹිලි තත්ත්වයක් ඇති වී ඇති අතර එහි බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම , බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල අ‍පේක්ෂා  කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     මෙම තත්ත්වය හෙට සිට 18 දින සිට ලබන 21 දින දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     
    උතුර, නැගෙනහිර ,දකුණු සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

     

    සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල, තද වැසි (100mm පමණ) බලාපොරොත්තු විය හැක.

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya