ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවි මිතුරු සේවාවට ගොවීන් 80,000 ක්

    නොවැම්බර් 17, 2016
    කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඩයලොග් ලංකා ආයතනය හා එක්ව ක්‍රියාත්මක කරන ගොවි මිතුරු සේවාව සදහා මේ වන විට ගොවීන් 80,000 ක් පමණ සම්බන්ධ වී ඇතැයි අනාවරණය වේ.
    මෙම කරුණු හෙළි වූයේ ගොවි මිතුරු සේවාව පිළිබදව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකමිටුව දැනුවත් කිරීම පිළිබද වැඩමුළුවේදීය. 
     
    සරුසාර වගාවකින් ඔබේ ගෙවත්ත ඵලබර කිරීමේ මූලික අරමුණ ඇතිව ගොවි මිතුරු සේවාව ක්‍රියාත්මක කරයි. ගොවි මිතුරු සේවාව සමග එක්ව සාර්ථක ගෙවතු වගාවට අවශ්‍ය උපදෙස් 616 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය. 
     
    මෙම ගොවිමිතුරු සේවාව තුළින් ඔබගේ වගාව රෝග පළිබෝධ හා ඌනතා වලින් ආරක්ෂා කරගෙන අඩු වියදමකින් සරුසාර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය සියළුම උපදෙස් ලබා ගැනීමට හැකිය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya