ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වනරෝපා වැඩසටහනක් මහනුවර දී

    නොවැම්බර් 18, 2016
    වනරෝපා ජාතික වැඩසටහනේ තවත් වැඩසටහනක් අද පෙ.ව. 10.00 ට මහනුවර හන්තාන වතුයායේදී  පැවැත්වීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කටයුතු යොදා ඇත. 
    රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද ''පුනරෝදය'' ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහභාගී වීමට නියමිතය.
     
    ලංකාවේ වන වැස්ම වැඩිකිරීම සහ වන වැස්මේ ගුණාත්මකබව වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසහනේ ප්‍රධාන තේමාව වන්නේ වන ආවරණ රහිත නිසරු බිම්තීරුවල උයන් නිර්මාණය කිරීමයි. දැනට ලංකාවේ වන වැස්ම 29 % ක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර, එය 32% ක් දක්වා වැඩි කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයයි.  මීට අමතරව ලංකාවේ මුඩුබිම් රුක්රෝපණය සදහා යොදා ගැනීම සහ වානිජ වන වගා ප්‍රවර්ධනය කිරීමද මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
     
    මධ්‍යම පරිසර අධීකාරියේ මහනුවර කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජනතා වතු සංවර්ධන අධිකාරී කාර්යාලය ඇතුලු තවත් ආයතන රැසක් මෙම වැඩසටහන සදහා දායකත්වය ලබා දෙයි. 
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya