ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සංක‍්‍රමණය හා සංවර්ධනය පිළිබඳව ගෝලීය සංසඳය දෙසැම්බර් 10 සහ 11

    නොවැම්බර් 19, 2016
    සංක‍්‍රමණය හා සංවර්ධනය පිළිබඳ ගෝලීය සංසඳයේ (GFMD) මීළඟ සැසිවාරය දෙසැම්බර් 10 හා 11 දෙ දින බංගලාදේශයේ ඩකා නුවර දී පැවැත්වේ.
     
    මේ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට සහභාගි වන ලෙස ශ‍්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විදේශ රැකියා අමාත්‍යවරියට ආරාධනා කොට ඇත. 
     
    මෙහිදී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ අඳහසින් කටයුතු කරන බවත්, විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ව කටයුතු කිරීම සඳහා දෙරට අතර සම්බන්ධතා තර කරගැනීම  වැදගත් බවත් අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා ද සහභාගි විය. 
     
    සංක‍්‍රමණය හා සංවර්ධනය පිළිබඳ ව ගෝලීය සංසදය (GFMD) මඟින් කලාපයේ විගමණික ශ‍්‍රමිකයින් සඳහා පවතින ගැටලු හා විසඳුම් පිළිබඳ සාකච්ඡා කරන අතර, මෙහි සභාපතීත්වය බංගලාදේශයට හිමිවී තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya