ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වැඩි කළ බදු හැකි ඉක්මනින් ඉවතට - මුදල් ඇමැති

    දෙසැම්බර් 15, 2016
    රජය විසින් මේ වන විට පනවා ඇති බදු ප්‍රතිශතයන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    වත්මන් රජය විසින් රජයේ දේපළ විකිණීමක් සිදු නොකරන බවත් ඉදිරියේ දී එළැඹීමට නියමිත ගිවිසුම් ප්‍රකාරව සිදු කිරීමට යන්නේ පාඩු ලබන තත්ත්වයේ පවතින රජය සතු ආයතන පෞද්ගලික අංශය හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පමණක් බවත් මේ වන විට එසේ සිදු කොට ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනයන් පාඩු ලබන තත්ත්වයෙන් මඟහරවාගෙන ඉතා සාර්ථකව පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මෙම ක්‍රියාව හරහා රජයට යම් මුදල් ප්‍රමාණයක් ලැබෙන බවත් එම මුදල්වලින් විදේශ ණය පියවීම ප්‍රධාන අරමුණ බවත් කී අමාත්‍යවරයා ණය ගෙවා ඉතිරිවන යම් මුදල් ප්‍රමාණයක් යොදවා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකි බවත් කීය.
     
    එමෙන් ම මේ වන විට විරෝධතා ව්‍යාපාරයන් අසල රුපියල් 5000 නෝට්ටු සංසරණයවීමක් වාර්තා වී ඇති බවත් පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නීති විරෝධී ලෙස බැහැර ගෙන ආ කෝටි 1300ක මුදල් ඇති බවත් මේ සියලු සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    පසුගිය දින කිහිපයක මුද්‍රිත මාධ්‍ය ඔස්සේ රටේ යම් යම් කරුණු සම්බන්ධයෙන් වැරදි වාර්තා සිදු කොට ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක තම අමාත්‍යංශයේ කරුණු දැනගැනීමක් සම්බන්ධයෙන් තමන් තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අතරම ජාති විරෝධී මෙන් ම රටේ තත්ත්වයන් පිළිබඳ ව වාර්තා කිරීමේ දී වගකීමෙන් යුතු ව වාර්තාකරණ කටයුතු සිදු කරන්න යැයි ද මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    වත්මන් රජයේ අස්ථාවර භාවයක් ඇතැයි මාධ්‍ය මගින් පෙන්වීමට උත්සාහ කරන බවත් ඕනෑම මාධ්‍යවේදියෙකුට දේශපාලන කැමැත්තක් හා ඒ පිළිබඳ ව කටයුතු කිරීමේ අයිතියක් ඇති නමුත් පුවත් වාර්තා කිරීමේ දී සියලු දෙනා එක සේ සලකන ලෙසත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya