මෙවර මැතිවරණය සඳහා තරුණ තරුණියන් 616දෙනෙකු නාමයෝජනා ලබා දී ඇති අතර ඡන්දදායකයින් 3,40,000ක් ඡන්දය ප්රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා දී ඇත.
සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා මන්ත්රීවරුන් 225ක් තෝරාපත් කරගන්නා අතර මැතිවරණ හරහා මන්ත්රීවරු 160ක් තෝරා ගැනීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව, ආර්ථික කටයුතු අමාත්යංශය සහ ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙවර මැතිවරණය සංවිධානය කරයි.