පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    "ගජසමරගම" ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද

    ජනවාරි 12, 2017
     
    තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ, වැලි ගත්තේ ඉදි කළ "ගංසමරගම" ආදර්ශ ගම්මානය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත්වේ.
    ඒ 16 වන උදා ගම්මානයයි. මෙම ගම්මානය නිවාස 70 කින් සමන්විතය.  නිසි ඉඩම් කච්චේරි ක්‍රමයක් යටතේ රජය මගින් නොමිලේ ලබා දුන් ඉඩම් කැබැල්ලක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලද අඩු පොලී නිවාස ණය මුදල් ද යොදා ගනිමින් ප්‍රජා දායකත්ව පදනමින් ජනතාව ඉදිකර ගත් නිවාස වලින් මෙම ගම්මානය සමන්විත වේ.
     
    මෙම ගම්මානය විධිමත් ප්‍රවේශ මාර්ගයකින්, අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් හා ජල හා විදුලි සැපයුමින් යුක්තය.
     
    මෙම ගම්මානය ඉදි කිරීමේ අධීක්ෂණ දායකත්වය ලබා දෙන ලද්දේ රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසිනි.
     
    මෙදින ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 800 කට සිය නිවෙස් වැඩි දියුණු කර ගැනීම සඳහා විසිරි නිවාස ණය ප්‍රදානය කිරීමද සිදු කෙරේ.
     
    AP 
     
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya