ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදේශ සේවා කාර්යාංශයට ලැබෙන පැමිණිලිවල අඩුවක්

    ජනවාරි 20, 2017
    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශයට 2015 වර්ෂයේ ලැබී ඇති පැමිණිලි ප‍්‍රමාණය  10505ක් බවත් 2016 වර්ෂයේ ලැබී ඇත්තේ පැමිණිලි 6156ක් බවත් පෙන්වා දෙන එම කාර්යාංශය 2015 වසර හා සැසදීමේ දී 2016 වසරේ දී  එය 4349ක අඩු වීමක් බවත් පෙන්වා දෙයි. 
     
    2016 වර්ෂයේ පැමිණිලි  3965ක් සඳහා විසඳුම් ලබා දී ඇති අතර ඉතිරි පැමිණීලි සඳහා විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගනිමින් පවතී. 
     
    මේ පිළිබඳ අදහස් දැක්වු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙලෙස කාර්යාංශයේ සමථ අංශයට ලැබෙන පැමිණිලි හැකි ඉක්මණින් විසඳා විගමණික ශ‍්‍රමිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලද අතර, මීට අමතරව ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ විදේශ රැකියා අමාත්‍යංශයට අනුයුක්ත දිවයිනේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත්තේ විගමණික ශ‍්‍රමිකයාගේ ගැටලු පිළිබඳ ව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 
     
    එසේම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටව යන්නේ නම් ඇතිවන ගැටලු හැකි ඉක්මණින් විසඳාගත හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 
     
    මෙම පැමිණිලිවලින් 2016 වර්ෂයේ ද වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ මැදපෙරදිග කලාපීය රටවල්වලිනි. ඒ අතරින් සෞදි ආරාබියේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්  ලද පැමිණිලි ප‍්‍රමාණය 3411 කි. ඒ අනුව සෞදි අරාබියෙන් පැමිණිලි 3411ක්, කුවේට් වෙතින් පැමිණිලි 915ක්, කටාර් වෙතින් පැමිණිලි 618ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතින් පැමිණිලි 507ක්, මැලේසියාවෙන් පැමිණිලි 201ක්, ඕමාන් වෙතින් පැමිණිලි 282ක් සහ ජෝර්දාන් වෙතින් පැමිණිලි 106ක් ලැබී ඇත.
     
    විගමණික ශ‍්‍රමිකයාගේ රැකියා ආශ‍්‍රිත ගැටලුවක් හෝ රැකියා ස්ථානයේ මතුව ඇති ගැටලුවක් නිසා එම පුද්ගලයාට අගතියක් සිදු ව ඇති බව හෝ සිදුවීමට ඉඩ ඇති බව හෝ දන්වා සිටින්නේ නම්, එය පැමිණිල්ලක් වශයෙන් සැලකයි. 
     
    ඒ අනුව 2016 වර්ෂයේ ලැබී ඇති පැමිණලි අතරින් වැඩි ප‍්‍රමාණයක් සේවා ගිවිසුම් උල්ලංඝණය කිරීම, වැටුප් නොගෙවීම හා අසනීප තත්ත්වයන් මුල් කර ගෙන ඇති වූ ගැටලු හේතුවෙන් ලද පැමිණිලි වේ.   
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya