ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මොළේ උණ වසංගත තත්ත්වයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 20, 2017

    ජැපනීස් එන්සෙපලයිටිස් (මොළේ උණ) වසංගත තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  පවසයි.

    ගෙවුණු සති 03 ඇතුලත රත්නපුර මහ රෝහලෙන් මොළේ උණ යැයි සැක පහල වූ රෝග ලක්ෂණ සහිත රෝගීන් ආසන්න වශයෙන් 10 දෙනෙකු පමණ වාර්තා වී ඇත.

     

    ඉහත රෝගීන් 10 දෙනා අතුරින් සායනික වශයෙන් ජැපනීස් එන්සෙපලයිටිස් යැයි සැක පහළ කරන රෝගීන් 04 දෙනෙකු රසායනාගාර පරික්ෂණවල නිගමනයට අනුව ජැපනීස් එන්සෙපලයිටිස් බවට තහවුරු වී ඇත.

     

    ඉහත තහවුරු කරන ලද රෝගීන් 04 දෙනා පිළිවෙලින් අවුරුදු 24,30,42,80  වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් සියලු දෙනා මේ වනවිට සුවය ලබා ඇත.

     

    මෙම රෝගීන් 04 දෙනා රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 04 කට අයත් වේ. එම නිසා මෙය වසංගත තත්ත්වයක් නොවන සාමාන්‍ය රෝගීන් වාර්තා වීමක් පමණක් බව වාර්තා වේ.

     

    සෑම වසරකම නොවැම්බර් සිට ජනවාරි දක්වා සාපේක්ෂ වශයෙන් මෙම රෝග අවස්ථාවන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇත.

     

    මේ අනුව ජැපනීස් එන්සෙපලයිටිස් රෝග තත්ත්වයේ ඉහළ පැතිරයාමක් ඇති බවට විද්‍යාත්මකව සාක්ෂි නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya