දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවල ඉතා තද වැසි (මි.මී.150 පමණ) ද, සෙසු ප්‍රදේශවල තද වැසි ( මි.මී.100 පමණ) ද බලාපොරොත්තු විය හැක.
දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන (පැ.කි.මී. 40-50ක පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.