මෙහිදී ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170ට වැඩියෙන් ලබා විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් අසූ දෙදෙනෙකු 82 සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මුදල් ආධාර ලබාදීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී. එල්. එස්. ඩයස් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ගුවන් හමුදාසේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සිවිල් සේවක මහත්වරුන් ඇතුළු දූ දරුවන් පිරිසක් සහභාගී වූහ.