මෙරට බලය බෙදීම සහ ජනතා අවශ්‍යතා ඉටුකිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට පළාත් සභා ක්‍රමය වියදම් අධික අකාර්යක්ෂම ක්‍රමයක් බවට පත් වී ඇති බවත්, ජනතාවට ඍජුව පරිපාලනය හා ප්‍රතිපාදන ගෙනයන දිස්තික් සහ ප්‍රාදේශීය ලේකම් ක්‍රම තුළින් ඊට වඩා ජනතාවගේ අවශ්‍යතා සැපිරෙන බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
"අපේ රටේ ඉතිහායේ බලය බෙදීම ගත් විට, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ව්‍යුහයන් සාර්ථක පරිපාලන ව්‍යුහයන් ලෙස සඳහන් කළ හැකිය. අද වන විට එම ව්‍යුහය ඔස්සේ සුවිශේෂී වැඩ කොටසක් ඉටු වෙමින් පවතී. මධ්‍යම රජය ඔවුන්ට ඍජුවම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර ඔවුන් ඒවා ඉතා කාර්යක්ෂම සම්බන්ධීකරණයෙන්, පරිපාලන සහ යටිතල පහසුකම් සංවර්ධනය මගින් ජනතා අවශ්‍යතා ඉටුවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ව්‍යුහයන් ඍජුව මධ්‍යම රජයට වගකීමට බැඳී සිටීම සහ සියලු පාර්ශව සමග සම්බන්ධීකරණයයි. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම මත මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන ගමට සංවර්ධන වැඩසටහන, ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන වැඩසටහන, බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන විහාරස්ථාන සහ දහම් පාසල් වැඩිදියුණු කිරීමේ වැඩසටහන, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන දිවයින පුර සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මැටි කර්මාන්ත සහ කිතුල් සංවර්ධන කර්මාන්ත වැඩසටහන්, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය ක්‍රියාත්මක කරන පාසල්වල පරිගණක විද්‍යාගාර සංවර්ධන වැඩසටහන්, කදුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වතු ආශ්‍රිත මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩසටහන ඉහත කාරණයට නිදසුන් ලෙස දැක් විය හැකිය".
"පළාත් සභාවල සමස්ථ වියදමින් 75%ක් වෙන්වන්නේ පරිපාලන වියදම් සඳහාය. ඉන් වැඩි වියදම් ප්‍රතිශතයක් දැරීමට සිදුවන්නේ ද මධ්‍යම රජයටයි. ඊට අමතරව පළාත් සභාවල බදු එකතු කිරීමේ ව්‍යුහයන් ද තිබේ. එහෙත් ගැටලුව වන්නේ මෙම පුනරාවර්තන වියදම් මගින් මහජනතාවට ලැබෙන්නේ කුමක්ද යන්නයි".
මෙම තත්වයන් පිළිබඳ ව වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන කරුණක් තිබේ. ඒ අනුව අවධාරණය කළ යුතු වන්නේ බලය බෙදීම දේශපාලනීකරණය නොවී ජනතා හිතවාදී වියයුතු බවයි. තවදුරටත් සරලව කිවහොත් පළාත්සභා, රජවරුන්ගේ රාජධානි බිහිකිරීමේ රාජපක්‍ෂ තියරියෙන් ඈත්වී. මධ්‍යම රජය සහ බලය විමධ්‍යගත කරන ව්‍යුහයන් සමග එක්ව කටයුතු නොකාලහොත් ජනවාරි 8 ජනතාවට පොරොන්දු වූ රාජපක්ෂ ගෝත්‍රික වාදය අතුගා දැමීමේ ප්‍රයත්නය අසාර්ථක වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටී.