ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    2016 වසරේ විදුලිය හොරෙන් ගැනීම් 2617 ක් නීතියේ රැහැනට - වැටලීම් ආදායම මිලියන 132 ඉක්මවයි

    මාර්තු 02, 2017

     විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මකවූ ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2016 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2617 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

    ඉන් ලත් මුළු ආදායම රු.132,047,949.41ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. එම මුදලින් රු. 117,843,449.41ක් ලංවිම අලාභය වශයෙනුත්, රු. 14,204,500.00ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ.

    2016 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2105 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 512 ක්ද අනාවරණයවී තිබේ.

    අද වනවිට රටේ සියලුම ජනතාවට විදුලිය හිමිකම ලබාදීමට රජයට හැකිවී තිබේ. මේ වනවිට මාස ගණනාවක සිට පවතින අධික නියඟය සහ අධික තෙල් මිල හමුවේද අඛණ්ඩ විදුලිබලයක් සැපයීමට වත්මන් රජයට හැකිවිය. එවන් තත්ත්වයක් හමුවේ නීත්‍යානුකූල නොවන ක‍්‍රමවේද ආශ‍්‍රයෙන් වංචා සහගත ලෙස විදුලිබලය ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ හේතුවෙන් ජාතික ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවන බව පවසයි.  මෙම තත්ත්වය මත මේ වනවිට ලංවිම විමර්ශන අංශයේ ක‍්‍රියාකාරීත්වය සවිමත් කරමින් අවශ්‍ය සියළු නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නිරන්තරයෙන්ම තමා කැපවනබව අමාත්‍යවරයා පවසයි.

    වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112 422259 ට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන අමාත්‍ය සියඹලාපිටිය මහතා, විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බව පවසන අතර මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya