ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    හෙද හෙදියන් 50,000 දක්වා වැඩි කිරිමට අවධානය

    අප්‍රේල් 10, 2017

    ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ශ්‍රි ලාංකීය ජනතාවට ලබාදීමෙි අරමුණ ඇතිව නිදහස් සෞඛ්‍ය සේවාවෙි මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් හෙද හෙදියන් 1300 කට පත්වීම ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ  දී සිදුකෙරිනි.

     

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "දිවයින පුරා පිහිටි හෙද විද්‍යාලවල 6,817 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණුව ලබනවා. හෙද සේවාව සදහා රජය අනුමත කර ඇති තනතුරු සංඛ්‍යාව 37,875 ක්. නමුත් දැනට සිටින්නේ 31,354 ක් පමණයි.

     

    අනුමත තනතුරු සංඛ්‍යාවෙන් 11,933 ක් පළාත් සභා රෝහල් සදහා අනුයුක්ත කර තිඛෙනවා. 6000 කගේ පමණ පුරප්පාඩු හෙද සේවාෙවි තිඛෙනවා. 2013/2014 වසරවල ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමටත් නොහැකි වී තිඛෙන්නේ හෙද හිඟය නිසයි. හෙද සේවාව උතුම් රැකියාවක්. රජකම නැත්නම් වෙදකම කියලයි අතීතයේ ප්‍රකාශ කෙරුනේ. හෙද උපාධිය ලබාදීමටත්, හෙද උපාධිධාරීන් සදහා වෙනම වැටුප් තලයක් නිර්මාණය කිරිමටත් රජය තීරණය කර තිඛෙනවා. හෙද උපාධිධාරීන් බිහි කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව හෙද පීඨයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරනවා.

     

    මැයි මාසයේ මුල්ගල් තැබීමට නියමිත මෙම හෙද පීඨය සදහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 12,500 ක්. හෙද සේවාවත් අනෙකුත් සේවාවන් මෙන් සමාන මට්ටමකට පත් කළ යුතුයි. හෙද සේවාව වෙනුවෙන් පසුගිය දින දෙකක් මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය සෞඛ්‍ය අමාමාත්‍යාංශය ඒකාබද්ධව රාත්‍රී කාලයේ දී සාකචිඡා පැවැත්වූවා. වැඩිකළ වැටුපට අනුමත අතිකාල දීමනා ලබාදීම පිළිබදවයි මෙහිදී සාකචිඡා කෙරුනේ. එම සාකචිඡාව අවසානයේ වැඩිකල වැටුපට 2016 වසරේ ජනවාරි 01 දා සිට අතිකාල දීමනා ගෙවීමට තීරණය කෙරුනා. එම නිසා හෙද හෙදියන්ට අවුරුදු සමයේ දී ලොකු වැටුපක් ලැඛෙනවා. එම අතිකාල ගෙවීම සදහා රුපියල් බිලියන 5.5 ක් වැය වනවා. ඇතැම් අය මෙම තීරණයට විරුද්ධ වෙන්න පුළුවන්. ඔවුන් ලිං මැඩියෝ වගෙයි. අපේ රටේ දේශපාලනඥයොත් එහෙම ඉන්නවා.

     

    එම ලිංමැඩි දේශපාලනය තුරන් කිරීමට තමයි ජනවාරි 08 විප්ලවය අපි සිදු කළේ. එම විප්ලවයේ ප්‍රතිඵල තමයි දැන් ඔබ භුක්ති විදින්නේ. මමත් වෘත්තීය සමිති නායකයෙක් වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් සාධාරණ විදිහට ලබාදෙන්න මම පොරොන්දු වෙනවා.”


    "වත්මන් රජය  සැළකිය යුතු වැඩ කොටසක් නොකළ බවට චෝදනා එල්ලවනවා. ඒවා බොරු චෝදනා රාජ්‍ය සේවකයින් 14 ලක්ෂයකගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. විශ්‍රාම වැටුප් වැඩි කලා. ජීවන වියදම අඩු කළා. ජනතාව නිරෝගීමත් ජනතාවක් බවට පත් කිරීමට තීන්දු තීරණ රැසක් ගත්තා. දුම්කොළ සදහා වැඩි බදු පැනවීම ඉන් ප්‍රධානයි. එය මෛත්‍රිපාලගේ හෝ රාජිතගේ ව්‍යාපෘතියක් නොවෙයි. ජනතාව වෙනුවෙන් ගත් තීරණයක්. හෙද සේවාවෙි අනුමත සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක්. එය ඉටු කර ගැනීමට හැකිනම් අපි ලැබූ ජයග්‍රහණයක් වනවා.”


    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (හෙද සේවා) එම්.එල්.එල් රහුමාන්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya