ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරිමේ වැඩපිළිවෙලක්

    අප්‍රේල් 14, 2017

    රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය  ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ පිළිබදව  ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පර්යේෂණ සිදුකර ඇති අතර, එම පර්යේෂණවල ප්‍රගතිය මත මෙම වැඩපිළිවෙල රෝහල්වල දියත් කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    ඒ අනුව පිළිකා රෝගීන් සදහා පළමුව එම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට නියමිතය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් පිළිකා රෝගීන්ට ජීවත්විය හැකි කාලය සියයට 84 දක්වා වැඩි කිරිම තම අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    තෙල්දෙනිය මුලික රෝහලේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya