ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කථානායකතුමාගේ සිංහල හා හින්දු අළුත් අවුරුදු සුභපැතුම් පණිවුඩය

    අප්‍රේල් 14, 2017

    වසර දහස් ගණනක් පුරා ලොව සෑම ශිෂ්ඨාචාරයකම සූර්ය වන්දනාව විවිධ මුහුණුවරින් සිදු වීම පෘතුවි තලයේ සකලවිධ ජීවින්ගේ පැවැත්ම සූර්ය ශක්තිය මත පදනම් වන්නේය යන යථාර්තය අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට කදිම සාක්ෂියකි.

    කෘෂිකර්මය සහ ආගම එකට බැඳුනු ශිෂ්ඨාචාරයක මිනිසුන් සෑම විටම සොබා දහම සමග ගෞරවනීය සාධාරණ ගනුදෙනුවක යෙදුනු බවට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පැහැදිලි උදාහරණ සපයයි.

    ගහකොළ මලින් බරවන භාග්‍යවන්ත බක්මහේ අස්වනු නෙලා අටුකොටු පුරවා ගත් ශ්‍රී ලාංකිකයෝ ගතින් සිතින් පේවී සූර්ය වන්දනාවත් සමග නව අවුරුදු වසන්තය පිලිගැනීමට සූදානම් වූහ. එය ජීවන වෘත්තිය,ආගම, පරිසරය හා බැදුනු මහ සැණකෙලියක සිරි ගත්තේය.

     

    පොදු අරමුණක් වෙනුවෙන් සමස්ථ ප්‍රජාවම ඒකරාශී වෙමින් සියළු දෙනාට සැපත, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම ශ්‍රී ලාංකික අළුත් අවුරුදු උත්සවය තුල දක්නට ඇති උතුම් ලක්ෂණයකි.

     

    විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේනික වැඩිහිටියන් නැමදීම, ඥාති හිත මිත්‍රාදීන් බැහැ දකින්නට යාම ආදිය සමාජයේ ධූරාවලිය නැවත සිහිපත් කරදෙන සංහිඳියාව ජනිත කරන වැදගත් අවස්ථාවන්ය.

    ගේ දොර පරිසරය පිරිසිදු කර නැවුම් වටපිටාවක් සකසා ගැනීම පමණක් නොව පැරණි සිත් බිඳීම් අමතක කර පිරිසිදු සිතුවිලි ඇති කර ගනිමින් අළුත් ආරම්භයකට පසුබිම සකසා ගැනීමට නව වසරේ අරමුණු කර ගත යුතුය.

    අප සියල්ලෝම සූර්ය දරුවන් ලෙස එකම මූලයකින් පැවැත එන්නන් බව, පසක් කර දෙමින් අන් සංස්කෘතීන්ට ගරු කරමින් ජීවත්වීම සිංහල හින්දු අළුත් අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන් ප්‍රකට කළ ආදර්ශයයි.    

    යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් සමගින් සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින්, අප සිරිත් විරිත් හර පද්ධතීන්ට ජීවය දෙමින් අන් සිරිතට විරිතට ගරු කරන සෞභාග්‍යමත් නව අවුරුද්දක් සමරන්නට හැකි වේවායි  සකල ශ්‍රී ලංකා වාසීන්ට සුභාශිංසනය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya