ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් මෝසම් වැසි වර්ධනයක්

    අප්‍රේල් 13, 2017

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අන්තර් මෝසම් වැසි  තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය ලබන 15 වෙනි දින  දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැක.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර, බස්නාහිර සහ දකුණු   පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

    ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව  පළාත්වල, (මි.මි.150 ක පමන) තද වැසි බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද  දින (13), දහවල් 12.11ට තලෛමන්නාරම , කන්නඩි , පරප්පුකුල්  සහ පෙරියමඩු යන ප්‍රදේශවලට ආසන්නව හිරු මුදුන්ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya