පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මැදපෙරදිග අතරමං වූ 116ක් දිවයිනට

    අප්‍රේල් 25, 2017

    මැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු  පසු 24 වැනි දින  දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    මේ අතරට කුවේට් රාජ්‍යයේ රැකියාවට ගොස් සිටි 65 දෙනෙකු, සෞදි අරාබියේ රැකියා කළ 31 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳීසිටි ශ‍්‍රමිකයින් 20 දෙනෙකු අයත් වේ.

     

    කුවේට් රාජ්‍යයෙන් පැමිණි පිරිස අතරට තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් 23 දෙනෙකුද, නීත්‍යානුකූල නොවන අයුරින් එරට රැඳී සිටි ශ‍්‍රමිකයින් 42 සඳහා තාවකාලික ගමන් බලපත‍්‍ර සකස්කර දිවයිනට පැමිණි පිරිසද අයත් වේ. සෞදි රාජ්‍යයෙන් පැමිණි ශ‍්‍රමිකයින් 31 දෙනාම එරට තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසය භාරයේ රැඳීසිටි කාන්තාවන් වේ. කටාර් රාජ්‍යයෙන් පැමිණි 20 පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් පස් දෙනෙකු සඳහා නිවෙස්බලා යාමට ගමන් ගාස්තු කාර්යාංශය මඟින් ලබාදෙන ලදී.

     

    මෙම පිරිස ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ.

     

    2016 වසරේදී මෙසේ විවිධ කරදරවලට ලක්වූ 4,989 දෙනෙකු විදේශ රටවලින් ගෙන්වා ගෙන ඇත. ඒ අතරට කුවේට් රාජ්‍යයෙන් ගෙන්වාගත් 1669, සෞදි අරාබියෙන් 684ක් හා කටාර් රාජ්‍යයෙන් ගෙන්වාගත් 2190 දෙනෙකුද අයත්වේ. 2015 වසරේ ලාංකිකයින් 2734 දෙනෙකු දිවයිනට ගෙන්වා තිබෙන බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya