පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මීතොටමුල්ල ප්‍රදේශයේ කිසිදු වසංගත රෝග තත්ත්වයක් නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 26, 2017

    මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ කිසිදු වසංගත ආකාරයේ රෝග තත්ත්වයක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩර මහතා පවසයි.

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මෙහිදී අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මීතොටමුල්ල ප්‍රදේශයේ රෝග පැතිරීමේ අවධානමක් නෑ.පවතින රෝග කුණු කන්ද නිසා ඇති වූ රෝග නොවෙයි.වසංගත රෝග ඇති වීමේ අවදානම හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මුල් අවස්ථාවේ දී සිදු කළා.

    ප්‍රධාන වශයෙන් ඩෙංගු පැතිරීම වැළැක්වීමට අවධානය යොමු කළා.මී උණ අවධානම සළකා ඒ සම්බන්ධයෙන් පැතිරීම වළක්ව ගැනීමට අවශ්‍ය කටයුතු කළා. සහන කටයුතු කරන හමුදා කාර්ය මණ්ඩලවලට රෝගවලින් වැළකීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඒ නිසා, මීතොටමුල්ල අනතුර නිසා අමතර සෞඛ්‍ය අවධානමක් ඇති වී නෑ යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya