ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අද හොඳම ආයෝජනය අධ්‍යාපනයයි - ජනමාධ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 28, 2017

    දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ නිසා හොඳම ආයෝජනය අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයයි" යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ​​ඇල්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා අදහස් පළකර සිටියේ ය.


    පාසල් වල අඩුපාඩු සොයල බළා ඒවාට නිර්දේශ ලබාදෙන විට හුදකලා පාසල් දියුණු කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරයි කියා, කලාප අධ්‍යාපන කාර්යාල වලින් මම බලාපොරොත්තු වෙනවා. අද හැම දෙමාපියෙක්ම වෙන කිසි දවසක නැති ආකාරයකට අධ්‍යාපනයේ වටිනාකම තේරුම් අරන් තිබෙනවා.


    සෑම පාසලකටම තිබෙනව තේමාවක්. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා නිතරම කිව්වේ ඉගෙනගෙන පිටවෙන්න කියල. ගුන නැණ දෙකම දරුවකුට අත්‍යවශ්‍යයි. ගුණය විතරක් තිබිල වැඩක් නැහැ ඥාණය පිහිටල නැත්නම්. ඥාණය විතරක් තිබුනට වැඩක් නැහැ ගුණය පිහිටල නැත්නම්. පාසලම තමයි දරුවකුට විධිමත් අධ්‍යපනයක් ලබාදෙන මූලිකම ආයතනය. දරුවගේ කුසලතා, ආකල්ප, දක්ෂතා වර්ධනය කරන තැන පැසලයි. හැම දරුවෙක්ටම තිබෙනවා සැඟවුනු දක්ෂතාවයක්. ඇතැම් උදවියගේ අපි දකිනවා දක්ෂතා කිහිපයක් පිහිටල තිබෙනවා. කුඩා වයසෙදිම ඒවා හඳුනාගන්න දෙමාපියන් සමත්වෙනවා. බොහෝ වෙලාවට ගුරුවරුන් දරුවන්ගේ දක්ෂතා ඉවෙන් වගේ හඳුනගන්නවා. දක්ෂතා හඳුනාගෙන ඒවා ඔපමට්ටම් කරගත් විට තමයි වටිනාකම වැඩිවන්නේ. පාසල් අද්‍යාපනයේදී විශය දැනුම වගේම විශය පරිභාහිර දැනුමත් අවශ්‍යවෙනවා යැයි ද ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya