ගම්මිරිස් අස්වනු සොරකමේ යෙදෙන්නන් මෙම බුබුළු ගම්මිරිස් නෙලීමේ යෙදෙන බවත්, එය වැළැක්වීම සඳහා අවශ්‍යය අවස්ථාවලදී පොලිස්සියේ සහාය ලබා ගන්නා බවත් පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
සියවස් ගණනාවක් පුරා ගම්මිරිස් අපනයනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අප රටට ගලා එන නමුත් වර්තමානයේ බුබුළු ගම්මිරිස් ලෙස නෙලා විකිණීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොලේ තිබෙන කීර්තිනාමයට හානියක් වන බවද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලාංකේය ගම්මිරිස් තුළ රස, සුවඳ හා සැර උසස් මට්ටමින් කැටිවී තිබෙන අතර වාර්ෂික ගම්මිරිස් මෙට්‍රික් ටොන් 16,000ක් පමණ ලංකාවෙන් අපනයනය කෙරේ. ඉන්දියාව, පාකිස්ථානය,ඊජිප්තුව වැනි රටවල් මෙම ගම්මිරිස් වැඩි වශයෙන් මිලදී ගන්නා අතර බුබුළු ගම්මිරිස් අපනයනය කිරීමෙන් එහි ගුණාත්මක තත්වය අඩුවීම මෙන්ම ලබාගත හැකිව තිබූ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වීමද සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.