ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්ත්වය මත පාසල් පැවැත්වීමේ තීරණ බලය විදුහල්පතිවරුන්ට

    මැයි 28, 2017

    අපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර ඇත.

    අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීම අවසරය ලබා දී තිබේ.

    එමෙන්ම අදාළ තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    විපතට පත් වු පාසල් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිළධාරීන්ට උපදෙස්.

    අපදාවන් හේතුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදේස් ලබා දී තිබේ.

    පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත්, නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්, අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහාත් මෙලෙස තොරතුරු ලබා ගැනීමට තීරණය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya