ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවෙන් හානි වූ සියලු මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර

    මැයි 29, 2017

    දිවයින පුරා දැනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක රැසක ගමනාගමනට සිිදුව ඇති බාධාවන් ඉවත්කර මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය දැනටමත් කඩිනම් පියවර ගෙන තිබේ.

    විශේෂයෙන්ම කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන ප‍්‍රදේශවල ගංවතුර හා නායයාම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුව ඇති අවහිර වීම් හා හානිවීම් පිළිබඳ තොරතුරු එ් එ් ප‍්‍රදේශවල පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේ වනවිටත් ලබා ගනිමින් පවතින අතර එ් අනුව අදාළ ප‍්‍රදේශයන් වෙත සහන සැලසීම කඩනම් කිරීම උදෙසා එම මාර්ග ගමනාගමනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ.

    ආපදාවට පත්ව ඇති ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් ලේකම්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරුන් සහ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සම්බන්ධීකරයෙන් මෙම නඩත්තු කටයුතු මේ වන විටත් සිදු කෙරෙන අතර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව කටයුතු කරන ඉදිකිරීම්කරුවන් නොමිලේම තමන් සතු යන්ත‍්‍ර සූත‍්‍ර මෙම මාර්ග යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.

    දැනට පවතින ආපදා තත්වය හේතුවෙන් කඩිනමින් ගමනාගමනයට විවෘත කල යුතු මාර්ග හඳුනාගනිමින් එම මාර්ගවල සිදුව ඇති පස්කඳු කඩා වැටීම් සහ ගල් ආදිය ඉවත් කිරීම කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර ඉදිරියේදී විධිමත් තක්සේරුවකින් අනතුරුව එම මාර්ගවල අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු නිසි අයුරින් සිදු කිරීමටද මාර්ග සවර්ධන අධිකාරිිය කටයුතු සූදානම් කර ඇත.

    දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක ආපදාවට පත්ව ඇති මාර්ග පිළිබඳව, මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 සහ 1969 ක්ෂණික දුරකථන අංක ඔස්සේ දැනුම් දීමෙන් අදාළ මාර්ග කඩිනමින් යථාත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර  ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය පැය 24 පුරා සූදානමින් සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya