ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන සේවා ඇරඹේ

    මැයි 29, 2017

    ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහනට ලබා දීමට අපේක්ෂිත සියළුම අධාර දිවයිනපුරා පිහිටි 1074 වූ ඔබට ළඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම අධාර බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

    වියළි ආහාර,අලුත් ඇදුම්පැලදුම්, ළඳරු ආහාර, බෙහෙත් ද්‍රව්‍ය,ජල බෝතල්,සනීපාරක්ෂක ද්‍රව්‍ය අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය වී තිබෙන අතර ලැබෙන සියළුම අධාර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව මගින් ක්‍රියාත්මක නොසිඳෙන දයාව  ව්‍යාපෘතිය හා එක්ව අවතැන් ජනතාව වෙත කඩිනමින් බෙදා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya